Gossips

පෞද්ගලික රෝහල් නියාමන ගැසට් පත්‍රය කඩිනමින්

පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ ගැසට් පත්‍රය කඩිනමින් ප්‍රකාශයට පත්කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
ඖෂධ වර්ග 27 ක මිල අඩු කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසු පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි එම අමාත්‍යාංශය කියා සිටියේ.
ඖෂධ වර්ග 48 ක මිල නියාමනය මීට පෙර සිදුකළ අතර, ඉන් පසු තවත් ඖෂධ වර්ග 25 ක මිල නියාමනය සිදුකරනු ලැබුවා.
ඖෂධ වර්ග 27 ක මිල අඩු කිරීමේ වැඩපිළිවෙලට අනුව, එම ඖෂධ වර්ගවල වෙළඳපොල මිල ගණන් විශ්ලේෂණය ද මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.
එම ඖෂධ වර්ගවලට පිළිකා නාශක ඖෂධ ද ඇතුළත්.