Gossips

පෞද්ගලික රෝහල් නියාමන ගැසට් පත්‍රය ඉදිරි සතියේ

ශල්‍යකර්ම, රසායනාගාර පරීක්ෂණ, දරු ප්‍රසූත ගාස්තු ඇතුළු පෞද්ගලික රෝහල්වලින් සිදුකෙරෙන විවිධ අයකිරීම් නියාමනයට අදාළ රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය ලබන සතියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ඒ අනුව ඊට අදාළ වාර්තාව මේ වනවිට සකස් කර අවසන් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ.
ඒ යටතේ පෞද්ගලික රෝහල්වලින් සිදුකෙරෙන විවිධ අයකිරීම් පනස් තුනක මිල නියාමනය කිරීමට කටයුතු කෙරෙනවා.
නව රෙගුලාසි යටතේ උපරිම මිලක් නියම කෙරෙන අතර, රෝහල්වල තත්ත්වය අනුව ඔවුන්ට ඊට නොවැඩි ගාස්තුවක් අය කිරීමේ හැකියාව පවතින බව සඳහන්.