පෞද්ගලික රෝහල් ගාස්තු නියාමනය කිරීමේ අවසන් වාර්තාව කඩිනමින් සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ හට උපදෙස් ලබා දී තිබෙනවා.
අමාත්‍යවරයා මේ උපදෙස් ලබාදී ඇත්තේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පැවැති ආයතන උත්සවයකට එක්වෙමින්.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ අවසන් වාර්තාව සකස් කිරීමෙන් පසු එය කඩිනමින් ගැසට් කිරීමට නියමිතයි.
පෞද්ගලික රෝහල්වල ගාස්තු අය කිරීමේ දී අයකරනු ලබන වැට් අගය ඉවත් කිරීමට රජය මේ වනවිට කටයුතු කර තිබෙනවා.
එමෙන්ම පෞද්ගලික රෝහල් මඟින් නියම කරනු ලබන ගාස්තු ඇතුලත් පැකේජයන් තුලට වෛද්‍යවරුන්ගේ ගාස්තු ද ඇතුලත් කරන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ.