Gossips

පෞද්ගලික බස් හිමියන් වර්ජන තීරණය අත්හරී

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු පෞද්ගලික බස් රථ වර්ජනය අවලංගු කිරීමට බස් සංගම් තීරණය කර තිබෙනවා.
ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි පෞද්ගලික බස් සංගම් මෙම තීරණය ගෙන ඇත්තේ.
ඔවුන් කියාසිටියේ සියයට 6.5 ක ගාස්තු සංශෝදනය සියයට 12.5 දක්වා ඉහළ දැමීමට සහ අවම ගාස්තුව රුපියල් 12 දක්වා වැඩි කිරීමටත් නියෝජ්‍ය අමාත්‍යවරයා එකගතාව පළකළ බවයි.
කෙසේවෙතත් එම ගාස්තු සංශෝදනය මීළග කැබිනට් මණ්ඩල සාකච්ඡාවට ඉදිරිපත් කර එහිදී අනුමැතිය ලබාගැනීමට නියමිතයි.