Gossips

පෞද්ගලික බස් හිමියන්ගෙන් රතු එළියක්

වැඩි කළ රථ වාහන දඩ ගාස්තුවල සංශෝධනයක් සිදුනොකරන්නේ නම් ඉදිරියේදී වර්ජනයකට අවතීර්ණවීමට සිදුවන බව පෞද්ගලික බස් හිමියන් ප්‍රකාශ කරනවා.
සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් කියා සිටියේ පැරණි දඩ පත්‍රිකා ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කළ යුතු බවයි.
නැතහොත් සියළු බස් සංගම් එක්ව ඉදිරියේදී දැවැන්ත වර්ජනයකට එළඹෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර, ලබන 3 වන දායින් පසුව සිය සංගමයේ තීරණය ප්‍රකාශයට පත් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළා.