Gossips

පෞද්ගලික බස් රථ දෙකක් ගැටී තරුණයින් දෙදෙනෙකු මියයයි

පස්යාල, මුරුතවෙල වංගුව ප්‍රදේශයේදී අද (07) උදෑසන බස් රථ දෙකක් ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇතිබව පොලිසිය පවසනවා.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ මාවනැල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ කොළඹ සිට අනුරාධපුරය බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක්.
අනතුරින් මියගොස් ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක් සහ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි තරුණයෙක්.
තවත් තිදෙනෙකු තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.
අනතුරින් ඒ අසල තිබු වෙළඳසැලකටද හානි සිදුවී ඇති අතර අනතුර සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.