Gossips

පෞද්ගලික බස් රථයක් ලොරි රථයක ගැටෙයි

නල්ලතින්නිය ප්‍රදේශයේ සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් දික්ඔය වනරාජා වත්ත ප්‍රදේශයේදි කුඩා ලොරි රථයක ගැටිමෙනේ ලොරි රථය ප්‍රධාන මාර්ගය හරහා පෙරලි ගොස් අනතුරක් සිදුව තිබෙනවා.
අද (11) පස්වරු 4ට පමණ මෙම අනතුර සිදුව ඇතිබවයි පොලීසිය කියා සිටියේ.
අනතුරෙන් කිසිවෙකුටත් තුවාල සිදු නොමැති අතර අනතුරට ලක්වූ ලොරි රථයට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.
බස් රථයේ අධික වේගය සහ රියදුරාගේ අපරික්ෂාකාරි රිය ධාවනය අනතුර හේතුව බවයි අනතුර පිලිබඳ පරීක්ෂණ සිදුකරන හැටන් පොලිසිය පැවසුවේ.