Gossips

පෞද්ගලික පන්ති පැමිණෙන ලෙස බලපෑම් කරන ගුරුවරුන්ට වැඩ වරදි

පෞද්ගලික පන්ති සදහා පැමිණෙන ලෙස පවසමින් දරුවන්ට බලපෑම් කරන ගුරුවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
පහ වසර ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කර ගනිමින් පැවැත්වෙන අමතර ඉගැන්වීම් පන්ති සඳහා දරුවන් සහභාගි කරවා ගැනීම සම්බන්ධයෙන් ඇතැම් ගුරුවරුන් විසින් සිදුකරන බලපෑම් පිළිබඳව මාපියන්ගෙන් පැමිණිලි ලැබි ඇති බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කළේ.
මේ තත්ත්වය වහා නතර කිරීමට පියවර ගත යුතු බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
අමාත්‍යවරයා මේ අදහස් පළකළේ අධ්‍යාපන අමාත්‍යංශ්‍යයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකට එක්වෙමින්.