ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය දියත් කිරීමට නියමිතව තිබූ වෘත්තීය ක්රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ප්රවාහන ගාස්තු මිල සූත්රය අනුමත නොකිරීම සහ ප්රවාහන ගාස්තු මිල සංශෝධනය නොකිරීම හේතුවෙන් පෞද්ගලික ටැංකි රථ හිමියන් හෙට සිට පැය 48ක සංකේත වර්ජනයක් ආරම්භ කිරීමට මීට පෙර තීරණය කර තිබුණා.
ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ විධායක කමිටුව අද (01) රැස්වී තීරණය කර ඇත්තේ සංගමයේ සියළු සාමාජිකයින් ඉදිරි දිනකදී රැස්වී වෘත්තීය ක්රියාමාර්ගය පිළිබදව අවසන් තීරණයක් ගැනීමටයි.