Gossips

පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට ඉංජිනේරුවරුන්ගේ විරෝධය

පෞද්ගලික අංශයෙන් හදිසි විදුලි මිලදී ගැනීම් සඳහා විදුලිබල අමාත්‍යාංශය ගෙන ඇති තීරණයට විදුලි ඉංජිනේරු සංගමය විරෝධය පළ කරනවා.
මීට අදාළව කැබිනට් පත්‍රිකාවක් විෂය භාර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණේ නියං කාලගුණික තත්ත්වය සහ අලූතින් බලාගාර ඉදිකිරීමේ ප්‍රමාදය සලකා බලමින්.
ඒ අනුව මෙගාවොට් 100ක පමණ විදුලි ධාරිතාවක් ඉදිරියේදී පෞද්ගලික විදුලි බලාගාර වලින් මිලදී ගැනීමට නියමිත බවයි විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
කෙසේ වෙතත් විදුලි ඉංජිනේරු සංගමය පවසන්නේ තම සංගමය ඉදිරිපත් කළ විදුලි ජනන සැලැස්මට මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලබාදුන්නේ නම් මෙවැනි හදිසි විදුලි මිලදී ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.