රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ද රුපියල් 2500කින් වැටුප් ඉහළ දැමිය යුතු බවට වන යෝජනාවක් ඊයේ (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබෙනවා.
කම්කරු අමාත්‍යාංශය පිළිබද අයවැය කාරක සභා අවස්ථා විවාදයේදී හිටපු කම්කරු අමාත්‍යවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ විසිනුයි අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ.
කම්කරු වෘත්තීය සමිති සබඳතා මෙන්ම විදේශ රැකියා හා ක්‍රීඩා ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ විවාදයට ගැනීම ද ඊයේ (18) සිදුකෙරුණා.
මේ අතර, රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන, ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ පිළිබද කැබිනට් නොවන මෙන්ම විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ පිළිබඳ කැබිනට් නොවන යන අමාත්‍යාංශවල වැය ශීර්ෂයන් අද (19) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතයි.
