පොහොය දිනයේදී මත්පැන් අලෙවිකළ නවගමුව ප්‍රදේශයේ පිහිටි සුරාබදු බලපත් හිමි ආපනශාලාවකට මුද්‍රා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා.
ව්‍යාජ ගැනුම්කරුවන් යොදවමින් ඊයේ සිදුකළ මෙම වැටලීමේදී මත්පැන් අලෙවි කරමින් සිටි එහි සේවකයෙකුද සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
ආපනශාලාව ඉදිරිපසින් වසා දමා පිටුපස දොරටුවෙන් මෙලෙස මත්පැන් අලෙවි කර තිබූ බවයි සුරාබදු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
