Gossips

පෝදා වැඩි මිලට මත්පැන් අලෙවි කළ ජාවාරමක සුල මුල හෙළිවේ

බලපත්‍ර නොමැතිව පොහොය දින වැඩි මිලට මත්පැන් අලෙවි කළ ජාවාරමක් පිළිබදව හැටන් ප්‍රදේශයෙන් වාර්තා වනවා.
හැටන් – වැලිඔයවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ අදාළ ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර, එහි තිබී මත්පැන් බෝතල් 16ක් සිය භාරයට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
ජාවාරම සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මීට පෙර ද නීතිවිරෝධී මත්පැන් අලෙවි කිරීම සම්බන්ධයෙන් ඇප මත මුදා හළ පුද්ගලයෙක්.