Gossips

පෝද්දලදී සැමියෙකු බිරිඳ සහ නැන්දම්මා ඝාතනය කරයි (ඡායාරූප)

සැමියා තම බිරිඳ සහ නැන්දම්මා තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ පුවතක් පෝද්දල – කීඹිඇල ප්‍රදේශයෙන් වාර්තා වුණා.
පවුල් ආරවුලක් මත සැමියා මෙම ඝාතනය සිදුකර ඇත්තේ ඊයේ රාත්‍රීයේයි.
මිය ගිය බිරිඳගේ වයස අවුරුදු 25ක් වන අතර නැන්දනිය 45 හැවිරිදි වියේ පසුවනවා.
සැමියා සහ බිරිඳ හබරාදුව ප්‍රදේශයේ ජීවත්ව ඇති අතර දෙදෙනා අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් බිරිඳ පෝද්දල ප්‍රදේශයේ පිහිටි සිය මවගේ නිවසට පැමිණ තිබෙනවා.
ඊට උරණ වූ සැමියා ඊයේ රාත්‍රියේ මෙම නිවසට පැමිණ බිරිඳට සහ නැන්දනියට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බවයි පොද්දල පොලීසිය සඳහන් කළේ.
සිද්ධිය වන අවස්ථාවේදී මිය ගිය බිරිඳගේ සහ නැන්දනියගේ දරුවන් ද එම නිවසේ සිට තිබෙනවා.
පසුව සැමියා ප්‍රදේශය අතහැර පළා ගොස් ඇති අතර ඔහු සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.

(ඡායාරූප – රවින්ද්‍ර ලියනගේ)