පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතිය යටතේ වැඩ අවසන් කර ඇති තවත් සංවර්ධන ව්‍යාපෘතින් 180 ක් ජනතා අයිතියට පත් කිරීම හෙට සිට දින තුනක් තුළදී සිදුකිරීමට නියමිතයි.
ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන්.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2015 වසරේදී ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය යටතේ සිදුකරන සංවර්ධන කටයුතු සඳහා වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 6000 ක්.
