පොළොන්නරුව – තුම්මෝදර ජල ගැලූම් නිම්න ජාතික උද්‍යානයේ වගුරු බිම තුළ තවත් වන අලි මළ සිරුරු ඇති බවට වනජීවී නිලධාරීන් සැක කරනවා.
මඬේ එරීමෙන් මිය ගිය වනඅලි 9 දෙනෙකුගේ සිරුරු මේ වන විට හමු වී ඇති අතර ඉන් අවසන් සිරුර ගොඩ ගනු ලැබුවේ ඊයේ පස්වරුවේයි.
ඒ අනුව අදාළ වගුරුබිමේ එම මළ සිරුරු සැඟවී තිබීමට ඉඩකඩ පවතින බවටයි පොළොන්නරුව වනජීවී නිලධාරින් ප්‍රකාශ කළේ.
මේ අතර, වගුරු බිමේ ජලජ ශාක ඉවත් කිරිමේ කටයුතු ද මේ වන විට සිදු වනවා.
