තමන් අධ්‍යාපනය හැදැරීම සඳහා යොදාගත් හොඳ තත්ත්වයේ ඩෙස් පුටු පොලොන්නරුව ගල්අමුණ මහා විද්‍යාලයට ඊයේ රැගෙන ගිය බව පවසමින් පොළොන්නරුව උණගලාවෙහෙර ශාන්ති මහා විද්‍යාලයේ සිසුන් සහ දෙමව්පියන් අද විරෝධතාවක නිරත වුණා.
පොලොන්නරුව කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරියෙකු සමඟ පැමිණි පිරිසක් විසින් මෙලෙස තම ඩෙස් පුටු රැගෙන ගිය බවයි එහිදී සිසුන් ප්‍රකාශ කළේ.
මේ සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය උණගලාවෙහෙර ශාන්ති මහා විද්‍යාලයේ විදුහල්පති සුනිල් ලක්ෂ්මන් බණ්ඩාරගෙන් විමසීමක් කළා.
ඔහු කියා සිටියේ හොඳ තත්වයේ පැවති ඩෙස් බංකු කිහිපයක් මෙලෙස කලාප කාර්යාලයේ අනුදැනුම පරිදි රැගෙන ගොස් ඇති බවයි.
මෙම ගැටලූව සම්බන්ධයෙන් විමසීම සඳහා හිරු ප්රවෘත්ති අංශය පොලොන්නරුව කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයාව දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරුවත්, එය ව්‍යර්ථ වුණේ ඔහු දුරකතනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.