Gossips

පොළොන්නරුවේ පුරාවිද්‍යා කැණීමකින් පුරාවස්තු රැසක් හමුවේ (ඡායාරූප)

පොළොන්නරුව – 28 කණුව ප්‍රදේශයේ සිදුකළ පුරාවිද්‍යා කැණීමකින් බෞද්ධ පුරාවස්තු රැසක් හමුවී තිබෙනවා.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම කැණීම සිදුකර ඇති අතර, එහිදී ප්‍රතිමා ගෘහයක්, කුඩා චෛත්‍යයක් සහ බුදුපිළිම දෙකක් හමුවී ඇති බව සඳහන්.
පසුගිය මාර්තු මාසයේ සිට මෙම කැණීම් ආරම්භ කර ඇති අතර, ජුනි මාසයේදී එහි සංරක්ෂණ කටයුතු සිදුකරන බවයි අනුරාධපුර පුරාවිද්‍යා කැණීම් නිලධාරී ඒ.ඒ. විජේරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.
එම ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිතව ඇති වකුගඩු රෝහල හේතුවෙනුයි මෙම කැණීම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදුකර ඇත්තේ.