Gossips

පොළොන්නරුවේ පුතා පියා ඝාතනය කරද්දී, කැළණියේ පියා පුතා ඝාතනය කරයි

පොළොන්නරුව පළුගස්දමන ප්‍රදේශයේදී මුගුරකින් පහරදීමෙන් පුද්ගලයෙකු තම පියා ඝාතනය කර තිබෙනවා.
ඊයේ සවස 6.10 ට පමණ ඉඩම් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පහරදීම සිදුව ඇති බවයි පොලිසිය කියාසිටියේ.
බරපතල තුවාල ලැබු 69 හැවිරිදි පියා පොළොන්නරුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව රාත්‍රී 9 ට පමණ මියගොස් තිබෙනවා.
මෘත ශරීරය පොළොන්නරුව රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි.
ඝාතනය සිදු කළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොළොන්නරුව පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනවා.
මේ අතර කැළණිය ගෝනවල ප්‍රදේශයේ නිවසකදී පියෙකු තියුණු ආයුධයකින් කළ පහරදීමකින් ඔහුගේ පුත්‍රයා මියගොස් තිබෙනවා.
ඊයේ රාත්‍රී 7 ට පමණ පහරදීම සිදුවී ඇත්තේ පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන්.
එහිදි බරපතල තුවාල ලැබූ 26 හැවිරිදි තරුණයා බියගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මරණයට පත්වුනා.
සැකකාර පියා ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කැළණිය පොලිසිය විමර්ශ්ණ ආරම්භ කර තිබෙනවා.