Gossips

පොළොන්නරුවේ කැණීමකින් ආදාහනය කළ දේහයක අස්ථි කොටස් සහිත මැටි බඳුනක්

පොළොන්නරුව 28 කණුව ප්‍රදේශයේ පුරාවිද්‍යා රක්ෂිතය තුල කළ කැණීම්වලින් ඉපැරණි පිළිම ගෙයක් තුල තැන්පත් කර තිබු ආදාහනය කරන ලද දේහයක කොටස් සහිත මැටි බඳුනක් හමුවී තිබෙනවා.
පොළොන්නරුව යුගයට අයත් විහාර සංකීර්ණයක් බවට විශ්වාස කෙරෙන මෙම පුරාවිද්‍යා බිමෙහි පසුගිය දිනවල සිදුකළ කැණීම්වලින් බුදු පිළිම, සඳකඩ පහන මෙන්ම ඉපැරණි පිළිම ගෙයක කොටස් ඇතුලු ස්මාරක රැසක් හමුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අද එම ඉපැරණි පිළිම ගෙය තුල තැන්පත් කර තිබියදී හමුවු මැටි බඳුන සෙන්ටිමීටර් 14 ක උසින් සහ සෙන්ටිමීටර් 11 ක විශ්කම්භයකින් යුක්ත බව සඳහන්.
අස්ථි කොටස් සහිත මෙම මැටි බඳුන පිළිම ගෙයක් තුල තැන්පත් කිරීම තුලින් බොහෝ දුරට එය වන්දනීය පුද්ගලයෙකුට අයත් ඒවා බවට විශ්වාස කළ හැකි බව පුරාවිද්‍යා රක්ෂිතයේ කැණීම් භාර නිලධාරීන් ප්‍රකාශකර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ඉදිරියේදී තවදුරටත් පර්යේෂණ කටයුතු සිදුකරන බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ උපදෙස් පරිදි මෙම පුරාවිද්‍යා භූමියේ තවදුරටත් කැණීම් කටයුතු සිදු කෙරෙනවා.




ඡායාරූප – පොළොන්නරුව රොෂාන් තුෂාර