Gossips

පොහෝදින සහ ඉරිදා දින උපකාරක පන්ති පැවැත්වීම පිළිබඳව නිසි වැඩපිළිවෙලකට එළඹිය යුතු බව ජනපති කියයි

පොහෝ දින සහ ඉරිදා දින පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම පිළිබඳව නිසි වැඩපිළිවෙලකට එළඹිය යුතු බව ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.
පෞද්ගලික උපකාරක පන්ති හේතුවෙන් පාසල් දරුවන්ගේ දහම් අධ්‍යාපනය අඩපණ වීම වළක්වාගැනීම පිළිබඳව ඊයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා.
එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඉදිරියේදී පවතින තත්ත්වය සම්බන්ධයෙන් උපකාරක පන්ති පවත්වන ගුරුවරුන් සමඟ සාකච්ඡා කරන බවයි.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොරොව්පතාන නව ආසන සංවිධායකවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායකත්, අම්පාර ආසනයේ නව සංවිධායකවරිය ලෙස රාජ්‍ය ඇමතිනි ශ්‍රියාණි විජේවික්‍රමත් ජනාධිපතිවරයා අතින් පත්වීම් ලබාගෙන තිබෙනවා.