පොහොර සහනාධාරය පෙර පරිදිම ගොවීන්ට පොහොර සහනාධාරය පෙර පරිදිම පොහොර වශයෙන්ම යළි ගොවීන් වෙත ලබාදීමට ඇමැති මණ්ඩල සාකච්ජාවේදී රජය තීරණය කර තිබේ. ඒ අනුව පොහොර සහනාධාරය පොහොර වශයෙන් ලබාදීම පෙර පරිදිම ක්රියාත්මක කෙරෙන අතර වී ගොවීන්ට රුපියල් 500ක්ද අනෙකුත් අතුරු බෝග වගාකරුවන්ට රුපියල් 1200ක්ද වටිනාකමකින් යුක්තව පොහොර සහනාධාරය හිමි වේ.යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව කෘෂිකර්ම අමාත්යංශය සහ මුදල් අමාත්යංශය කළ ඒකාබද්ධ යෝජනාව අනුව පොහොර සහනාධාරය හිමි මුදල් ගොවීන්ගේ බැංකු ගිණුමට බැර කිරීමට මීටපෙර තීරණය කර තිබිණි.
