Gossips

පොහොර වැඩි මිලට අලෙවි කරන්නන්ට, වැඩ වරදී

වෙළඳපොළේ පොහොර මිටියක් රුපියල් 1500කට වඩා මිලකට අලෙවි කළහොත් ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ වී ගොවීන්ට පොහොර සහනාධාරය යටතේ පොහොර මිටියක් ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් රුපියල් 500කට ලබා ගත හැකි බවයි.
එමෙන්ම අනෙකුත් වගාවන් සඳහා රුපියල් 1500කට වෙළදපොළෙන් ද පොහොර මිලදී ගැනීමට පහසුකම් සලසා ඇති බව ද එමගින් සඳහන් කළා.
2018 යල කන්නයේදී පොහොර සහනාධාර වැඩපිළිවෙල යටතේ ප්‍රතිලාභ ලබන ගොවීන් සංඛ්‍යාව හත්ලක්ෂ 5370ක්.
එමෙන්ම ඒ යටතේ වගා කිරීමට අපේක්ෂා කරන කුඹුරු ප්‍රමාණය එකොළොස් ලක්ෂ 3861ක් වනවා.
2018 වසරේ පොහොර සහනාධාරය ලබාදීම සඳහා රජය රුපියල් මිලියන 32,500ක් වෙන් කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේ.