Gossips

පොහොර නොලැබෙන බවට ගොවීන්ගෙන් චෝදනා

නියමිත කාලයට පොහොර නොලැබීම හේතුවෙන් තම වගාවන් නිසි පරිදි කරගෙන යෑමට නොහැකි වී ඇති බවට ගොවීන් චෝදනා කරනවා.
ගොවින් පවසන්නේ කුඹුරුවලට අවශ්‍ය පරිදි කන්න වශයෙන් පොහොර ලබාදීම නිසා අනෙකුත් කාලවලදී පොහොර අවශ්‍ය වන ගොඩ ගොවිතැන් රැසක් විනාශ වී ඇති බවයි.
නිසි කලට පොහොර නොලැබීමෙන් තිස්සමහාරාම ප්‍රදේශයේ ගොඩ ගොවීන් රැසක් පීඩාවට පත්ව සිටින්නේ නියමිත කාලයට අස්වැන්න නෙළා ගැනීමට නොහැකි වීම හේතුවෙන්.
වී ගොවිතැන් සදහා කන්න වශයෙන් සහනාධාර මිලට පොහොර ලබාදුන්නත් අතිරේක කාලවලදී පොහොර අවශ්‍ය පොල්, කෙසෙල්, එළවළු ආදී බෝග රැසකට පොහොර නොලැබෙන බවට ගොවීන් චෝදනා කරනවා.