තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරය ලබාගන්නා බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ (02) ඉඟි පළ කළා.
ඒ, ඔහුගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
එහිදී ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වගකීම් භාර ගන්නා බවයි.
