Gossips

පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගත් මන්ත්‍රීවරුන්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (11) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තා.
කොළඹ – විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී අද පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයා මෙලෙස පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
තවත් හිටපු මන්ත්‍රීවරුන් පිරිසක්ද මෙහිදී පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තා.
මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද යපා අබේවර්ධන, සී.බී රත්නායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ජොන්සන්ට ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රියංකර ජයරත්න, රෝහිත අබේගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, ඩුලිප් විජේසේකර, ජානක වක්කුඹුර, නාමල් රාජපක්ෂ, ෂෙහාන් සේමසිංහ, තේනුක විදානගමගේ, අරුන්දික ප්‍රනාන්දු, කාංචන විජේසේකර, නිමල් ලන්සා, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර, ඩී වී චානක, අනුර ප්‍රියදර්ශන, ටී.බී ඒකනායක, චන්දිම වීරක්කොඩි, සුසන්ත පුංචිනිළමේ, ලක්ෂමන් යාපා, සුමේධා ජී ජයසේන, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, තාරානත් බස්නායක යන මැතිවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තා.