පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන විපක්ෂ නායකවරයා වශයෙන් පත්කරන ලෙස ඉල්ලා මන්ත්‍රීවරුන් 70 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් කථානායකවරයාට භාර දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
එහි සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මේ බව කියා සිටියේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
පසුගිය දා රුපියල් 5කින් මිල ඉහළ දැමූ බේකරි නිෂ්පාදන සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන එම මාධ්‍ය හමුවට එක්ව සිටියේ කිඹුලා බනිස් සහ මාළු පාන් ඇතුළු බේකරි නිෂ්පාදන කිහිපයක් ද රැගෙනයි.
