Gossips

පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකුගේ නිවසකට වෙඩි ප්‍රහාරයක්

අම්බලන්ගොඩ ප්‍රදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකුගේ නිවසකට පැමිණි පිරිසක් වෙඩි තබා තිබෙනවා.
බටපොල ප්‍රදේශයේ පිහිටි මන්ත්‍රීවරයාගේ නිවසට ඊයේ රාත්‍රි 11ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බවයි පොලීසිය කියා සිටියේ.
වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නැහැ.
පෞද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුවන්නට ඇති බවටයි පොලීසිය සැක පළකරන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර බටපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.