Breaking Politics Sri Lanka

පොහොට්ටුවේ ගැටුමට වරාය බිලිවේ… දයාසිරි ජොනීගේ බෙල්ල හපයි…

පොහොට්ටුවේ බල අරගලය තුල දරුණුවට බිලිවෙන ජාතික සම්පත් ගැන හෙලිකල යුතුය. රාජපක්ෂ අධිකාරිය රටේ ජාතික සම්පත් විකිණීමට එරෙහිව සටන් කරන ප්‍රධාන වෘත්තීය සමිති සාමාජිකයා වන්නේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ වරාය ශාඛාවේ සභාපති ප්‍රසන්න කළුතරගේය. හිටපු ජනපති සිරිසේනගේත්, ශ්‍රිලනිප මහ ලේකම් දයාසිරිගේත් දකුණු අත වන් මොහු මේ වනවිට පොහොට්ටුවෝ බිමට සමතලා කිරීමේ කොන්ත්‍රාත්තුව ගෙන තිබේ.. ඉකුත් 24 දින රාත්‍රී හෙට්ටිපොලදී දයාසිරි හමුවු ප්‍රසන්න කළුතරගේ වරාය අකර්මණ්‍ය කිරීමේ දෙවන සැලසුම පිළිබඳව උපදෙස් ලබාගෙන ඇත. මේ වෙනුවෙන් මිලියන 9ක් ප්‍රසන්න කලුතරගේටත්, පොහොට්ටුවේ වෘත්තීය සමිති නායක සංජය වැලිගම නම්මා ගැනීමට මිලියන හයකුත් අවශ්‍ය බව දයාසිරිට දැනුම් දී තිබේ. ගණුදෙණුව ඉටුවුනාදැයි අප දන්නේ නැත. නමුත් වර්ජනය ආරම්භ වී තිබේ..පොහොට්ටුව පාර්ශ්වයෙන් අප කල සොයා බැලීම් වලදී හෙළිවුණේ මෙම වර්ජනය සම්භන්ධව වෘත්තීය සමිති ගැන වග කියන ගාමිණි ලොකුගේත්, වෘත්තීය සමිති සම්භන්ධීකාරක සුමිත් විජේසිංහත් දැනුවත් නැති බවත්, සංජය වැලිගම විසින් පැදුරටත් හොරා ප්‍රසන්න කළුතරගේ සමඟ මෙම වෘත්තීය සටන ක්‍රියාත්මක කර ඇති බවත් ය.කෙසේ වෙතත් වරාය ඇමති ජොන්ස්ටන්ගේ ඡන්ද ව්‍යාපාරයට මෙම වර්ජනය දැඩිව බලපාන බැවින්, මැතිවරණය අවසන් වන තෙක් කෙසේ හෝ වර්ජනය පවත්වා ගෙන යා යුතු බවට දයාසිරි විසින් ප්‍රසන්න කළුතරගේට බලපෑම් කර ඇති බව වරාය අභ්‍යන්තර ආරංචි මාර්ග ලියුම් කරුට දන්වා තිබේ. මනාප පොරයකට ජාතික සම්පත් අකර්මණ්‍ය කිරීම පිළිබඳව අපි අපේ දැඩි විරෝධය රාජපක්ෂ රෙජීමයටත්, සිරිසේන නම් මාෆියාවටත් පල කර සිටිමු.

මේ පිළිබඳ වූ ඡායාරූප පහතින්..