Gossips

පොහොට්ටුවෙන් එන්නැයි, බැසිල්ට සංදේශයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන සංසදයේ විධායක සභාව අද එම පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙත සංදේශයක් භාර දෙනු ලැබුවා.
ඒ, ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කළ යුතු බව පවසමින්.
බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි එම පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී මෙම සංදේශය භාර දුන් අතර, එහිදී පළාත් පාලන සංසදයේ විධායක සභාව කියා සිටියේ ඉදිරි මැතිවරණවලදී වෙනත් පක්ෂ යටතේ පොදුජන පෙරමුණ තරග කරන බවට වාර්තා පළ වීම නිසා මෙවැනි සංදේශයක් භාරදීමට කටයුතු කළ බවයි.