Gossips

පොහොට්ටුවට සහය පළ කරන පක්ෂ නායකයින් අද ජනපති හමුවේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළ කරන දේශපාලන පක්ෂවල නායකයින් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර හමුවක් අද පැවැත්වෙනවා.
පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී එය පැවැත්වෙන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
ඊට සහභාගිවීමට පෙර එම දේශපාලන පක්ෂවල නායකයින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවීමට නියමිතව ඇත්තේ ඔහුගේ විජේරාමේ පිහිටි නිල නිවසේදීයි.
අනතුරුව ජනාධිපතිවරයා හමුවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළ කරන දේශපාලන පක්ෂවල නායකයින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබීමෙන් පසු ගත යුතු දේශපාලන ක්‍රියාමාර්ග සහ මැතිවරණයක් පැවැත්වුවහොත් ඊට තරඟ කරන ආකාරය පිළිබදව සාකච්ඡා කරනු ඇති.
මේ අතර, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළ කරන දේශපාලන පක්ෂවල නායකයින් අතර හමුවක් එම පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී ඊයේ පැවැත්වුණා.
එහිදී අද දිනයේ ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කළ යුතු කරුණු පිළිබදව ද අවධානයට යොමු වූ බවයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියා සිටියේ.