Gossips

පොහොට්ටුවට ලොකු බලාපොරොත්තුවක්

ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ඉතා ඉහළ අන්දමින් ජනතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීමේ අරමුණින් පසුවන බව එහි සාමාජික හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.
පොදුජන රළ ආණ්ඩු විරෝධී ජාතික සටන පළමු සම්මන්ත්‍රණයට අනුරාධපුර – තඹුත්තේගම නගරයේ අද එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රාදේශීය සභා 250 ක පමණ බලය හිමිකරගෙන ඇති බව ප්‍රකාශ කළ හිටපු අමාත්‍යවරයා පළාත් සභා මැතිවරණය ඕනෑම ක්‍රමයකට පවත්වන ලෙස ප්‍රකාශ කළා. ප්‍රාදේශීය සභා මැතිවරණයට වඩා විශාල තීන්දුවක් මෙවර ලබාදීමට ජනතාව සූදානමින් සිටින බවයි ඔහු තවදුරටත් සදහන් කළේ.