පොසොන් සතිය තුළ අනුරාධපුර දිස්ත්රික්කයේ සියලූම සුරාසැල් වසා දැමීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
උතුරුමැද සහකාර සුරාබදු කොමසාරිස් ආර්.එම්. රත්නායක සඳහන් කළේ නීතිවිරෝධී ලෙස මත්පැන් අලෙවි කරන්නන් සොයා අද (26) සිට දිස්ත්රික්කය පුරා වැටලීම් සිදුකරන බවයි.
වන්දනාවේ පැමිණෙන බැතිමතුන් නවාතැන් ගන්නා විශ්රාම ශාලා හා ඔවුන් දිය නෑමට පැමිණෙන ස්ථානවල රහසිගතව මත්පැන් විකුණන බවට ද තොරතුරු වාර්තා වී ඇති බව ඔහු සඳහන් කළා.
