Gossips

පොලොන්නරුවේ ගොවීන්ට හෙට ඉඩම් ඔප්පු

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන්ට නීත්‍යානුකුළ ඉඩම් ඔප්පු 1053 ක් ප්‍රදානය කිරීම හෙට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.
ඒ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේදීයි.
තමන්කඩුව, ලංකාපුර, පොළොන්නරුව, ඇළහැර සහ මැදිරිගිරිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගොවි ජනතාව වෙත මෙලෙස ඉඩම් ඔප්පු ප්‍රදානය සිදුකිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.
මීට අමතරව, විහාරස්ථාන 3 කට පූජාභූමි ඔප්පු ප්‍රදානය කිරීමත්, ආගමික සංහිඳියාව පුළුල් කරමින් ඉස්ලාමීය දේවස්ථානයට භූමිය වෙන් කරදීමත් සිදුකෙරෙනවා.