මෙවර මහ කන්නයේ පොළොන්නරුව ගොවිජනතාව විසින් නෙලා ගත් වී අස්වැන්නේ අග්‍ර කොටස පූජා කිරීමේ අලුත් සහල් මංගල්‍යයට අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොළොන්නරුව ඓතිහාසික ගල්විහාර පුදබිමේදී එක්වුණා.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම පුදබිමේ පිහිටා ඇති ඉපැරණි බුද්ධ ප්‍රතිමාව අභියසදී තඹ පාත්‍රයකට අලූත් සහල් පුරවා, අලූත් සහල් මංගල්‍යය සිදුකළ බවයි එහි සිටි හිරු වාර්තාකරු සදහන් කළේ.
