Gossips

පොලී අනුපාත වෙනස් නොවේ

ශ්‍රී ලංකා මහබැංකුව වානිජ බැංකු සමඟ ගණුදෙනු කරන ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව තබා ගැනීමට යළි තීරණය කර තිබෙනවා.
ඊයේ පැවති මහබැංකු මූල්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව එම තීරණයට එළඹී ඇත්තේ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වෙමින් පවතින බව ප්‍රකාශ කරමින්.
ඉදිරියේදී නම්‍යශීලි විනිමය අනුපාත අපේක්ෂා කළ හැකි අතර, අඩු උද්ධමනය සහ ශක්තිමත් ප්‍රතිපත්ති රාමුවක් තුළින් ආයෝජන සහ අපනයනයන් ඉහළ යනු ඇති බවට මහබැංකුව අනාවැකි පළ කළා.