Gossips

පොලී අනුපාතිකවල වෙනසක් නැහැ

දැනට පවතින ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව පවත්වාගෙන යාමට ඊයේ රැස්වූ මහබැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය සියයට 7.25 මට්ටමේ සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 8.50 මට්ටමේ නොවෙනස්ව පවතිනු ඇති.
උද්ධමනය තනි අගයක මට්ටමේ ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ප්‍රතිපත්ති පොලී අනුපාතිකයන් නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කළ බවයි මහබැංකුව ප්‍රකාශ කළේ.