Gossips

පොලීසිය සොයන මාල හොරා (ඡායාරූප)

මහ මඟ ගමන් ගත් කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ලකා පලාගිය සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජනතාවගේ සහය පතනවා.
කේ.ජී. සාගර ස්වාර්ණමාල් නමැති අදාල සැකකරු පසුගිය දෙවන මස 16 වන දින වත්තේගම – මඩවල ප්‍රදේශයේදී මාර්ගයේ ගමන්ගත් කාන්තාවකගේ රන් මාලයක් කොල්ල කා පලාගොස් තිබෙනවා.
අංක 328/14 කුඹල්ගෙදර, යටිරාවන, වත්තේගම ලිපිනයේ පදිංචිව සිට ඇති 24 හැවිරිදි සැකකරු මේ වන විට එම ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් දන්නා අයෙකුවේ නම් 081-2476222 සහ 071-8591063 යන දුරකථන අංකයන්ට දැනුම් දෙන ලෙසට පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.