Gossips

පොලීසිය මන්ත්‍රී ප්‍රසන්න සොයයි

මෙවර පළාත් පාලන මැතිවරණයේදී කැලණිය ප්‍රාදේශීය සභාවට නිදහස් පක්ෂයෙන් තරඟ කළ අපේක්ෂකයෙකුට පහරදුන් බවට චෝදනා එල්ල වී සිටින ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර අත්අඩංගුවට ගැනීම සඳහා කිරිබත්ගොඩ පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (01) දිනයේදී මන්ත්‍රීවරයාගේ නිවසට පොලිස් කණ්ඩායමක් ගියද ඔහු නිවසේ නොසිටි බවයි.
පසුගිය 28 වැනිදා රාත්‍රියේ කිරිබත්ගොඩ විහාරමහා දේවී බාලිකා විදුහල ආසන්නයේ පිහිටි නිවසක පැවති උපන්දින සාදයක් අතරතුර මන්ත්‍රීවරයා සහ තවත් පුද්ගලයෙකු මෙලෙස පහරදී තිබුණේ ජගත් ප්‍රසන්න ගමගේ නැමැති පුද්ගලයෙකුටයි.
පහරකෑමට ලක්වු ඔහු මේ වනවිට කිරිබත්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
අදාළ චෝදනාව පිළිබඳව විමසීමට හිරු ප්‍රවෘත්ති අංශය පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීරගේ ජංගම දුරකතනයට ඇමතුවත්, එය ව්‍යර්ථ වුණේ දුරකතනය ක්‍රියා විරහිත කර තිබීම හේතුවෙන්.