රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණියා.
ඒ පසුගිය රජය සමයේ ශ්‍රී ලංකා නැව් සංස්ථාව මගින් සිලෝන් බී්රෆ් සහ සිලෝන් ප්‍රින්සස් යන නෞකා දෙක මිලදී ගන්නා අවස්ථාවේ සිදුවූවා යැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
පෙරවරු 10.30ට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයා අද දහවල් ඉන් පිටව ගිය බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.
නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාරගෙන් හිරු ප්රවෘත්ති කළ විමසිමකදී කියා සිටියේ පසුගිය වසරේ තමන් විසින් සිදුකළ පැමිණිල්ලකට අදාළව අද දින ප්‍රකාශය ලබාදීම සඳහා පැමිණි බවයි.
නැව් සංස්ථාවේ හිටපු සභාපතිවරයා, වරාය අධිකාරියේ හිටපු සභාපතිවරයා ඇතුළු පසුගිය රජයේ නිලධාරින් කිහිපදෙනෙකු වගඋත්තරකරුවන් කරමින් මෙම පැමිණිල්ල ගොනුකර තිබෙනවා.