Gossips

පොලීසිය දියුණු වී ඇතැයි අගමැති කියයි – පොලිස්පති යහපාලනය අගයයි

වර්තමානයේ පොලීසිය දියුණු වී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ පුත්තලම – වනාතවිල්ලූව නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ උත්සවයට අද එක්වෙමින්.
එහිදී අග්‍රාමාත්‍යවරයා රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ද අදහස් පළ කරමින් කියා සිටියේ ණය ගෙවා ගත නොහැකි ආදායමක් නැති රටක් භාර ගත් බවයි. ඉන්දියාව මේ වනවිට අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තහනම් කර ඇති බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා ආර්ථික අර්බුදයට මුහුණදීම සදහා අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ සීමා කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා කර ඇති බව ද සදහන් කළා.
එම අවස්ථාවට පොලිස්පති පූජිත් ජයසුන්දර ද එක්ව සිටි අතර ඔහු කියා සිටියේ සියලූම පුරවැසියන් වෙනුවෙන් අපක්ෂපාතීව නිදහස්ව, පොලීසියේ කටයුතු කරගෙන යාමට අවශ්‍ය අවස්ථාව නිර්මාණය වූයේ යහපාලනයෙන් බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බවයි.