Gossips

පොලීසියේ 12කට ස්ථාන මාරුවීම්

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් අටදෙනෙකුට සහ පොලිස් පරීක්ෂකවරුන් සිව්දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.
ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ඒ.බී.එස්.කේ. සේනාරත්න ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයා ලෙස මාරු කර ඇති අතර, කටාන පොලිසියේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.ටී. සේනාරත්න නුගේගොඩ කොට්ඨාශය වෙත මාරු කර යවා ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.
එමෙන්ම වෙන්නප්පුව මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස කටයුතු කළ ඒ.එච්.එම්.එල්.බී. අබේරත්න ගම්පහ කොට්ඨාශය වෙතත්, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.පී.එස්. අමරතුංග මීරිගම පොලිස් ස්ථානාධිපතිවරයාව සිට වෙන්නප්පුව මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස මාරු කර යවා තිබෙනවා.