පොලිස් නිලධාරීන් වෘත්තිමය වශයෙන් මුහුණදී ඇති විවිධ ගැටළු සම්බන්ධ දුක් ගැනවිලි සහ අභියාචනා ලබන 17 වනදාට පෙර දැනුම් දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ නීතිය හා සාමය අංශය දැනුම් දෙනවා.
ඒ අනුව 011 2 88 72 38 හෝ 011 2 88 77 56 යන දුරකථන අංකයෙන් නීතිය හා සාමය අංශයට හෝ එම අංශයේ ජනපතිට කියන්න තොරතුරු ඒකකයේ දුරකථන අංකය වන 011 2 88 74 74 ට එම ගැටළු යොමුකළ හැකියි.
එමෙන්ම පොලිස් නිලධාරීන්ගේ දුක් ගැනවිලි සඳහා විසඳුම් ලබාදීමේ විශේෂ හමුව මේ මස 24 වනදා බත්තරමුල්ල – සුහුරුපායේ පිහිටි නීතිය හා සාමය පිළිබඳ අංශ පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.
එය ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී එච්.එම්.පී. හිටිසේකර ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි එය ක්‍රියාත්මක වනවා.
පසුගියදා ජනාධීපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති රැස්වීම්වලදී ලබාදුන් උපදෙස් අනුව පොලිස් නිලධාරීන්ගේ දුක් ගැනවිලි පිළිබඳව කටයුතු කිරීම සඳහා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියාගේ සභාපතිත්වයෙන් යුතු පංච පුද්ගල කමිටුවක්ද පත් කරනු ලැබුවා.
