වහාම ක්‍රියාත්මක වන පරිදි උසස් පොලිස් නිලධාරින් 20 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.
පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයා විසින් සිදුකර ඇති මෙම ස්ථාන මාරුවීම්වලට නියෝජ්‍ය පොලිස්පතිවරුන් 6 දෙනෙක්, පොලිස් අධිකාරීවරුන් පස්දෙනෙක් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් 9 දෙනෙක් ඇතුළත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.