ආරච්චිකට්ටුව – කුමාරකට්ටුව ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් අලෙවියේ යෙදුනු සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදි පොලිසියට බාධා එල්ල කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් 56 හැවිරිදි සමෘද්ධි සංවර්ධන නිලධාරිනියක අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මත්පැන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට ගිය සැකකරු, ආරච්චිකට්ටුව – දිගන් වැව වසමේ සමෘද්ධි නිලධාරිනිය වන ඇයගේ සොහොයුරාගේ පුතෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදි පොලිස් නිලධාරින්ට බාධා කිරිම, බලපෑම් සිදු කිරිම සහ සැකකරුට පලායාමට ඉඩ සැලසීම යන චෝදනා යටතේ ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
