Gossips

පොලීසියට එරෙහිව බිංගිරියේ විරෝධතාවක්

බිංගිරිය ප්‍රදේශයේ ක්‍රියාත්මක අපරාධ මැඩලීම සදහා පොලීසියේ දායකත්වය නිසි පරිදි නොලැබෙන බව පවසමින් බිංගිරිය සතිපොල ඉදිරිපිට අද විරෝධතාවක් පැවැත්වුණා.
බිංගිරිය – වීරපොකුණ – පුවක්ගහකඩවල හා කිනියම ඇතුළු ගම්මාන කිහිපයක පුද්ගලයින් විසින් මෙම විරෝධතාව සංවිධාන කළ බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සදහන් කළේ.
මත්කුඩු හා විවිධ අපරාධවලට ඇබ්බැහිවූවන් නිසා තම දෛනික කටයුතු අඩාල වී ඇති බව විරෝධතාකරුවන් මෙහිදී ප්‍රකාශ කළා.
මේ අතර, රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තමන්ට දොඩංගොඩ පොලීසිය පහරදුන් බවට කළුතර – කෙත්හේන – වල්පිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු චෝදනා කරනවා.
පසුගිය බ්‍රහස්පතින්දා ඔහුගේ ත්‍රිරෝද රථය වෑන් රථයක ගැටී සිදුවූ අනතුරින් එම වෑන් රථයට අලාභ හානි සිදුව තිබෙනවා.
ඊට අදාළව මොහුව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් අනතුරුව පොලිස් නිලධාරින් මෙම පහරදීම සිදුකළ බවයි පහරකෑ පුද්ගලයා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
කෙසේ වෙතත්, මෙම පුද්ගලයා ඒ අවස්ථාවේ බීමත්ව රිය ධාවනය කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මීට පෙරත් චෝදනා එල්ල වී ඇති බවත්, අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරමින් දොඩංගොඩ පොලීසියේ උසස් නිලධාරියෙකු සදහන් කළා.