නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බව කියන කඳාන – හපුගොඩ හා කඳාන – පොල්පිතිමූකලාන ප්‍රදේශයේ නිවෙස් දෙකකට පසුගියදා රාත්‍රියේ සිවිල් ඇඳුමින් සැරසී පොලිස් ජීප් රථයකින් පැමිණි පිරිසක් නිවැසියන්ට පහර දෙන අයුරු ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී කඳාන පොලිසියේ ස්ථානාධිපතිවරයා සඳහන් කළේ මෙවැනි පහරදීමක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පැමිණිල්ලක් නොලැබී ඇති අතර මෙම පහරදීමට තම නිලධාරීන් සම්බන්ධ නොමැති බවයි.
