කැකිරාව පොලීසිය මගින් අත්අඩංගුවට ගත් විවෘත වරෙන්තුකරුවෙකු දඹුල්ල මූලික රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලූයම පළා ගොස් තිබෙනවා.
මහනුවර අධිකරණ බල ප්‍රදේශයේ විවෘත වරෙන්තුකරුවෙකු වන ඔහු වත්තේගම – හරන්තමඩ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙකු බවයි පොලීසිය සදහන් කළේ.
කැකිරාව ප්‍රදේශයේ සිය සොහොයුරෙකුගේ නිවසට පැමිණෙමින් සිටියදී පසුගියදා අත්අඩංගුවට ගෙන ඇති මෙම වරෙන්තුකරු පසුව කොන්දේ ආබාධයක් නිසා වෛද්‍ය නිර්දේශ මත රෝහල් ගත කර තිබුණා.
එහිදී වැසිකිළි යාමට අවශ්‍ය බව පවසා සැකකරු පොලිස් නිලධාරින්ගෙන් මිදී පලාගොස් ඇති බවයි සදහන් වන්නේ.
