Gossips

පොලිසියේ බලය ගැන ගම්පහ අධිකරණයෙන් තීන්දුවක්

සුරාබදු පනත යටතේ නඩු පැවරීමට පොලීසියට බලය ඇති බව ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ තීන්දුවක් ලබාදී තිබෙනවා.
පොලීසියට සුරාබදු පනත යටතේ නඩු පැවරීමට බලයක් නොමැති බවට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදී පසුගිය දිනෙක විවාදයකට භාජනය වී තිබුණා.
පසුගිය වසරේ ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයෙකු නීතිවිරෝධී මත්පැන් බෝතල් 1500 ක් සමඟ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහරිනු ලැබුවා.
පසුව ඔහු නීතීඥයෙකු මාර්ගයෙන් අධිකරණයට දැනුම්දී ඇත්තේ සුරාබදු පනත යටතේ නඩු පැවරීමට පොලීසියට හැකියාවක් නොමැති බවයි.
කෙසේ වෙතත් ඊයේ එම නඩුව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අතර, එහිදී ප්‍රකාශයට පත් කර ඇත්තේ පොලීසියට සුරාබදු පනත යටතේ නඩු පැවරීමට බලය පවතින බවයි. පොලීසිය වෙනුවෙන් බස්නාහිර පළාත් උතුර දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ පෙනී සිටියා.