Gossips

පොලිසියෙන් විශේෂ මෙහෙයුමක්

අද උදෑසන සිදුකළ විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් ඇතුලු පුද්ගලයන් 2879 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
දිවයිනේ සියලු පොලිස් වසම් ආවරණය වන පරිදි සිදු කළ මෙහෙයුමේ දී රථ වාහන නඩු 7516 ක් ද ලබාගත් බවයි පොලිසිය නිවේදනය කළේ.
අද අලුයම 4 සිට උදෑසන 8 දක්වා මෙම මෙහෙයුම සිදුකර ඇත්තේ පොලිස්පතිවරයාගේ උපදෙස් අනුවයි.
එහිදී බීමත්ව රිය පැදවූ පුද්ගලයන් 266 ක් වරෙන්තුකරුවන් 1031 ක්, විවිධ අපරාධවලට සම්බන්ධ 800 ක්, හෙරොයින් – වෙනත් මත්ද‍්‍රව්‍ය සහ නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් 667 ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බලපත්‍ර නොමැතිව වැලි ගොඩදැමීම් සහ වෙනත් දුෂණ ක්‍රියා සම්බන්ධයෙන් 112 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර බලපත්‍ර නොමැති ගිනි අවි සමග පුද්ගලයන් 3 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.